සෙවනැල්ල අතුරුදන් වූ මොහොත


(යොහාන් භාසුර සහ ගයාන් සූරියආරච්චි)

පෘථිවිය එහි පාලකයා වන සූරියා වටා ගමන් කිරීමේදී වසරකට දෙවරක් මෙරට වාණිජ අගනගරය වන කොළඹ නගරයට එක එල්ලයේ මුදුන්වෙයි.

ඒ අනුව අද (7) දහවල් 12.12 ට කොළඹ නරගයට සූර්යා මුදුන් විය. එම අවස්ථාවේදී පුද්ගලයෙක්ට සිය සෙවනැල්ල ප්‍රදර්ශනය නොවේ.

එම අවස්ථාව නිරීක්‍ෂණය කිරීම සඳහා කොළඹ මහ නගර සභා භූමියේදී තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතාගේ සම්බන්ධීකරණයෙන් වැඩසටහන් ක්‍රියාත්මක කළේය.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)